බ්‍රිතාන්‍ය වැසියාගේ බාහුවේ බුදුරුවක පච්චයක්


 බාහුවේ බුදු හිමියන්ගේ පච්චයක් කොටාගෙන  ලංඩන් සිට පැමිණි බ්‍රිරිතාන්‍ය ජාතිකයකු කටුනායකදී ආපසු හරවා යැවිණි.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධරයෝ මේ පියවර ගත්හ.

මෙම සංචාරකයාගේ බාහුවේ තිබූ පච්චය පිළිබඳ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා  විසින් ඔහුගෙන්  විමසූ විට බුද්ධාගමට නිග‍්‍රහ වන ලෙස ඔහු කතා කර ඇත.

රටට ඇතුළු වූ පසුවද එවැනි කතා  මුවින් පිටවුවහොත් ඔහුට අනතුරක් විය හැකි බැවින්   චූලානන්ද පෙරේරා මහතාට මේ බව දැන්වීමට පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාව තුළ සියළු ආගමික නායකයින්ට සමානව ගෞරව කරන බැවික්  බ‍්‍රිතාන්‍ය ජාතිකයාට රටට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කොට ආපසු හරවා යැවූ  බව චූලානන්ද පෙරේරා මහතා කීය.