බ්‍රිතාන්‍ය රාජකීය යුවළට ලංකාවේදී හරි හරියට වැඩ


දෙවැනි එළිසබෙත් රැජිනගේ පුත්  කිරුළ හිමි චාල්ස් කුමාරයා හා කැමිලා පාකර් කෝර්න්වෝල් ආදීපාද වරිය ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණෙනු ඇතැයි චාල්ස් කුමාරයා පදිංචි ක්ලැරන්ස් මාලිගය කියයි.

චාල්ස් කුමාරයා මහ රැජින නියෝජනය කරමින් සමුළුවට සහභාගී වේ.

චාල්ස් කුමාරයා අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2005 දීය.මේ දෙදෙනා ඉන්දියාවේද සංචාරයක යෙදෙති.

ශ්‍රී ලංකාවේදී  රාජකීය යුවළ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන අතර චාල්ස් කුමාරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් හා වෙනත් අය සමග සභා රැස්වීම් රැසක්ද පවත්වනු ඇතැයි දැනගන්නට ඇත.

රාජකීය යුවළ මානසික සෞඛ්‍ය ආයතනයකට , රෝහලකට හා තේ වත්තකටද යාමට නියමිතය.