බ්‍රිතාන්‍ය යානයට අකුණක් වදී


මගීන් 156 ක් සමග එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සිට ස්පාඤ්ඤයේ බාසිලෝනා වෙත පියාසර කරමින් තිබූ ඊසි ජෙට් ගුවන් සේවයට අයත් ඒ 319 යානය අකුණු අනතුරකින් ස්පාඤ්ඤයේ රියුස් ගුවන්තොටුපොළට හදිසියේ ම ගොඩබැස්සවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සිටි මගීන් බස් රථවලින් ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කැර ඇත. ගුවන් සේවය පවසන්නේ යානයට හෝ පුද්ගලයන්ට කිසිදු හානියක් නොවූ බවයි.