හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවත දැමූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා නඩු අසනුයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයට ඕනෑ විදියට නොවේයැයි කීවේය.
ගමන් බලපත්‍රය ඉල්ලා සිටිය යුත්තේ මහ කොමසාරිස් කාර්යාලයය නොව එය අයිති පුද්ගලයා බව මහේස්ත්‍රාත් කීවේය.
බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ජෝන් රුපියල් 17202ක බිලක් නොගෙවා හෝටලයෙන් පිටවී ගිය බවට කොළඹ ග්‍රෑන් ඔරියන්ටල් හෝටලයේ කළමනාකරු පැමිණිලි කර තිබිණි.
ඇලන්ගේ ගමන් බලපත්‍රය පොලිසියෙන් උසාවියට භාර දී ඇත.
පොලිසිය අධිකරණයට දැන්වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය බිල ගෙවා ඇති බවයි.
එහෙයින් මෙම කාරණය සමතකයකට පත් කිරීමට හෝටලය ද කැමැත්ත පළ කරයි.
එහෙත් අයිතිකරු වෙනුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිසි නීතිමය ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමක් නොවේයැයි ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.