බ්‍රිතාන්‍ය පොලීසියටත් පැසසුම්


මහා බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී පිහියෙන් ඇන මරා දැමුණූ ශ්‍රී ලංකාවේ කවීෂ පීරිස්ගේ පවුලේ සාමාජිකයෝ බ්‍රිතාන්‍ය පොලීසියට හා මාධ්‍යට බෙහෙවින්ම ස්තූතිය පළ කරති.

පරිගණක ඉංජිනේරුවරයකු වන කවීෂ පීරීස් (25) සිය අලුත් රැකියාව භාර ගැනීමට පෙර දින සිය අතුරු රැකියාවේ යෙදී සිටිමින් පිට්සා ඇනැවුමක් රැගෙන යමින් සිටියදී පිහි පහරට ලක්ව මිය ගියේ පසුගිය 27 වැනිදාය.

ඝාතකයන් බව කියන දෙදෙනා (අවුරුදු 17 හා 25 ) අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය පොලිසියටත් උදව් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත්, ඩොමිනෝ පිට්සා හලටත් ,බ්‍රිතාන්‍ය මහ ජනතාවට හා මහජනතාවටත් එහි ශ්‍රී ලාංකිකයන්ටත් ස්තූවන්ත වන බව කවිෂගේ සොහොයුරු චේතක පීරිස් කියයි.