තම ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික ගණකාධිකාරීවරයෙක් ශ්‍රී ලංකාවේ අතරමං වී සිටියි.
ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියකු වන සෑම් ලුවී (27) මාස හයකට පෙර ඔහුගේ ලියැවිලි බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් කාර්යාලයයට යවා ඇතත් මෙතෙක් ඔහුට ගමන් බලපත්‍රය ලැබී නැත.
රැකියාවක් ද නැතිව මිතුරකුගේ සෝපාවක නිදාගැනීමට සිදු වී ඇති ඔහු ශ්‍රී ලංකාවේ නෙරැපීමේ තර්ජනයට ද මුහුණ පා සිටී.
ලන්ඩන් කාර්යාලයයේ සේවක හිඟන නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇතැයි ද, ඔහුගේ එවරස්ට් කන්ද තරණය ද මේ නිසා අහිමි වී යනු ඇතැයි ද කියති.

