(දයාරත්න ඇඹෝගම)
තම ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැර ගෙන ගිය බව පවසමින් බ‍්‍රිතාන්‍ය ජාතික තරුණියක (26) එම වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ.
මෙම බ‍්‍රිතාන්‍ය ජාතික තරුණිය එරට හෙද පාඨමාලාවක් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියක ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.
මෙම බ‍්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයේ මේසය මත තිබු රුපියල් 5000ක් පමණ වටිනා ඇගේ ජංගම දුරකථනය රැගෙන පලා ගිය බව ඇගේ පැමිණිල්ලේ සදහන් වෙයි.
තම ජංගම දුරකථනය නැවත තමාට ලබා දෙන ලෙස මෙම බ‍්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා සිටියි.
මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හමු නොවු බව පොලිසිය කියයි.

