බ්‍රිතාන්‍ය ගුවන් සේවය අවුරුදු කන්න ලංකාවේ


මුළු ශ්‍රී ලංකාවම අලුත් අවුරුදු අසිරියෙන් අසිරිමත්වන ලබන ඉරිදා රාත්‍රී හත හමාරට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපළේ උතුරු ගුවන් පථයෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් බොයින් 777-200 වර්ගයේ අති සුඛෝපභෝගී ගුවන්යානයක් හෝරා දොළහහමාරක දිගු ගමනක් සඳහා ගුවන් ගත කැරෙයි. බීඒ 2043 දරන මෙම ගුවන් යානයේමගීහූ280 දෙදෙනෙක් ද නියමුවෝ දෙදෙනෙක්  ගුවන් සේවක සේවිකාවෝ12 දෙනෙක්ගමන් කරති. ඒ අතරේ ලොව විශාලතම ගුවන් සමාගමක් වන බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සභාපතිකීත් විලියම්ස් සමඟ ප්‍රධාන නිලධරයෝ පස්දෙනෙක් ද සිටිති.

අප්‍රේල් 15 වැනි සඳුදා දහවල් දොළහ හමාරට මෙම ඓතිහාසික ගුවන් ගමනෙහි අවසානය උත්සවාකාරයෙන් සමරයි. මඟුල් බෙර, ජයඝෝෂා මැද්දේ යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් පථය වෙත ගොඩබානු ඇත.

අවුරුදු15ක දිගු නිහැඬියාවකින් පසුව ලන්ඩන් නුවරත් කොළඹත් ගුවනින් යාකරමින්බ්‍රිතාන්‍ය ගුවන්සේවය නැවත වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමසනිටුහන් කෙරෙන එම මංගල ගුවන් යානයේනියමුවා ගමන් පැදවීම පිලිබඳ අවූරුදු දහසයක දීර්ඝ මෙන්ම පරිණත පළපුරුද්දක් ලබා සිටින බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ජේෂ්ඨ ගුවන් නියමු කපිතාන් කිරන් ගලහිටියාව මැදිවක ය.

තමන් සේවය කරන ගුවන් සමාගමේ යානා පියාසරන ලෝක ගෝලයේ අස්සක් මුල්ලක් නෑර හැම දිග්බාගයකටම ගුවන්යානා පදවා ඇති නමුත් තමන්ගේම රටට ගුවන්යානයක් ගෙනඒමට ලැබීම දිගුකලක්තිස්සේ තම සිතේ තිබු සිහිනය සැබෑවීමක් බව කිරාන් මැදිවක පැවසීය. මේ පිළිබඳව තමන්ට ඇත්තේ "වචනයෙන් කියා නිමකළ නොහැකි සතුටක් සහ ආඩම්බරයක්" බවද ඔහු කියයි.

මනුවර කටුගස්තොට නිස්සංක මැදිවක සහ අයිරාංගනී මැදිවක යුවළගේ දෙවැනි දරුවා වන කිරන් මැදිවක ඉපදුනෙත් හැදී වැඩුණේත් ලන්ඩන් නුවරය. ඔහුගේ දෙමාපියන් ලන්ඩනයේ ස්ථිර පදිංචියට පැමිණියේ 1970 දීය.

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සඳහා මුලසිටම සහභාගීවෙමින් සුවිශේෂී සේවාවක් ඉටුකළ මැදිවක යුවළ කාගේත් සිත් දිනාගත් කාටත් උදව් උපකාර කිරීම සඳහා නිරායාශයෙන්ම ඉදිරිපත්වන ගුණ ගරුක ආදර්ශමත් අය වෙති.

ලන්ඩන් නුවර මුල්ම වතාවට සිංහල භාෂාව ඉගැන්වීමේ පංතියක් ආරම්භකරන ලද්දේද අයිරාංගනී මැදිවක ය. 

තම මව්බිමෙන්බැහැර ජීවත් වුවද තමන් හදා වඩා දැඩි මහත්කල ශ්‍රී ලංකාව කිසිදිනෙක අමතකනොකළ මැදිවක යුවළ තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිදාකත් අමතක කළ අයනොවෙති.

අසුවේදශකයේ සිට මේදක්වාම උතුරු පළාතේ වනගත පෙදෙස්වල අතිමහත් දුෂ්කරතා මැද්දේජීවත්වන සිංහල ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඔවුන් විසින් පවත්වාගෙනයනු ලබන 'බෞද්ධ ගම්මාන අරමුදල" ඔවුන්ගේ සමාජ සත්කාරය මෙයට හොඳම උදාහරණයකි.

උතුරුපළාතේ යුදමය වාතාවරණයක් පැවතී කාලයේ පවා නිතර දෙවේලේ එම පලාත්වල ඇති සිංහලගම්මානවලට යමින් එමින් එහි ජීවත්වන වැසියන්ගේ අවශ්‍යතා සපයාදීමටසහ ඇප උපකාරවීමට  ඔවුන් විසින් නොකඩවාම කටයුතු කර ඇත. 

මෙමකටයුතු වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙන්ම අත්තිඩියේ සහනෝදය පදනමේ හපුතලේ පඥාරාම හිමියන්ගෙන් සහ ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විශාල උදව්උපකාර ලැබී ඇත.

නිශ්ශංක මැදිවක මහතා මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුවද එම සුභසාධක කටයුතු මැදිවක මහත්මිය අඩුපාඩුවක්නොමැතිව පවත්වාගෙන යනු ලබයි. 

මැදිවක යුවළගේ දරුවන් දෙදෙනා කිරාන් සහ රප්ති වෙති. කිරාන් මැදිවක බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වශයෙන්රැකියාව කරයි. ඔවුන්ගේ දියණිය රප්ති මැදිවක විශේෂඥ වෛද්‍යවරියකි.

කිරාන්කුඩාකල සිටම ගුවන් යානා පිළිබඳව ඉමහත් ඇල්මක් සහ උනන්දුවක් පෙන්වුබවත් ඒපිලිබඳ පොත්පත් සහ සඟරා ඉමහත් උනන්දුවකින් පරිශීලනය කළබවත් ඔහුගේ මවකියන්නීය. 

ලන්ඩන් නුවර ඉහලම පෞද්ගලික පාසලක අධ්‍යාපනය හැදෑරු කිරාන් උසස්පෙළ සඳහා  තාක්ෂණ විද්‍යාව විෂය යටතේ ඉදිරිපත්කළ නව සංකල්පයක් ඉතා ඉහළ ඇගයුමකට ලක්විය. එමගින් ඔහු හඳුන්වා දුන්නේ ගුවන්යානාවක ආසන නිර්මාණය කිරීම පිලිබඳ නව සංකල්පයකි. ඔහුගේ මෙම අදහස පිළිබඳවඑදා ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ ඡායාරුපයක්ද සමග විස්තර වාර්තාවක් පළවිය.

මෙම වාර්තාව දුටු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම වෙනත් ප්‍රබල සමාගම් කිහිපයකින්ම කිරන් වෙත උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කලද ඔහු එය භාරගැනීමට මැළි කළේය. ඔහුගේ බලාපොරොත්තුව වුයේ ගුවන්ගමන් තාක්ෂණය පිළිබඳව ඉහළටම හැදාරා ගුවන් නියමුවෙකු ලෙස සුදුසුකම් ලබාගනීමත්ය.

පාසල් අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළුවූ කිරන් ගුවන් ගමන් ඉංජීනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් ලබාගත්තේය. ඔහු ගුවන් යානා පැදවීම උගත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ඩෙල්ටා ගුවන් සමාගමේ විද්‍යා පීඨයෙනි.

එහිදී මුලිකපුහුණුවීම් ඉහළින්ම සමත්වීමට කිරන්ට හැකිවිය. පසුව ඔහු ඇමෙරිකානු ගුවන්සමාගමක ගුවන් නියමුවකු ලෙස පුහුණුවීම් සිදුකරමින් අවශ්‍ය ගුවන් ගමන්කාලයන් පරිපුර්ණ කරගත්තේය. මේ සියල්ලගෙන්ම ලද පන්නරය උපයෝගීකර ගනිමින් ඔහු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පුර්ණ කාලීන නියමුවෙකු ලෙසට සේවයට බැඳුණේය.

තමසිහිනය සැබෑකරගැනීම සඳහා තම දෙමව්පියන්ගෙන් ලද සහයෝගය ඉතාමත් කෘතඥතාවයෙන්යුතුව සිහිපත් කරන කිරන් ඔවුන් ලබාදුන් නිදහස සහ ගුරුහරුකම් නොලැබෙන්නටතමන්ට මෙවන් රැකියාවක් ලබාගැනීමට අවස්තාවක් නොලැබෙන්නට ඉඩතිබු බවද පවසයි.

ලන්ඩන් නුවර ඉපැදී හැදී වැඩුනද කිරන් මැදිවක හදවතින් මුළුමනින්ම සිංහලයෙකි. හොඳින් සිංහල කතාබහ කළහැකි මස්කෑමෙන්, දුම් පානයෙන් හෝ මත්පැනෙන් සම්පුර්ණයෙන්ම තොර භක්තිමත් බෞද්ධයෙකු වන ඔහු තවමත් භාවිතා කරන්නේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයකි.

හැම වසරකම ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු එම කාලය වැඩිවශයෙන්ම ගතකරන්නේ තම මවගේ සුබසාදන කටයුතු සඳහා උදව් වෙමිනි. ඒ හැමවිටම විනෝදකාමීව කාලය නාස්ති නොකරන ඔහු තම මව සමඟ උතුරුකරයේ වනගත සිංහල ගම්මානවල ඇවිද යමින් එහි වාසය කරන අයගේ දුක සැප සොයා බලමින් අවශ්‍ය ඇප උපකාර ලබා දෙමින් කටයුතු කිරීම පුරුද්දක් කරගෙන ඇත.

බ්‍රිතාන්‍යගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීම නැවත ආරම්භ කිරීමත් එම ගුවන්යානාපැදවීම සඳහා තමන් තෝරා ගැනීමත් තමන්ට ලැබුණු ආශීර්වාදයක් බව කියන කිරන්මින්පසු ශ්‍රී ලංකාවේදී "බෞද්ධ ගම්මාන අරමුදලේ" සමාජ සත්කාර වැඩකටයුතු සඳහාපහසුවෙන් සහ නිරන්තරයෙන් සහභාගීවිය හැකි බවද කියයි. 

ගුවන් නියමුවෙකු වශයෙන් වැඩකිරීම ඉතාම විනෝද ජනක මෙන්ම ප්‍රිය ජනක රැකියාවක් බව කියන ඔහු එහි ඇති අතිවිශාල වගකීම පිළිබඳවද විශේෂයෙන් සිහිපත්කරයි. මෙවන් රැකියාවක් සඳහා උනන්දුවක් දක්වන සියලුම දෙනාටම ඔහු දෙන අවවාදයවන්නේ ඒ සඳහා විශාල කැපවීමක් සහ ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවයි. හැකිඋපරිමයෙන් හා ධෛර්යයෙන් යුතුව තමන්ගේ ඉගෙනීමේ කටයුතු කිරීමත් පසුබෑම්සිදුවුවිට නොසැළී සිටීමත් ඉතාම වැදගත් බව ඔහු කියයි.එලෙසම තමන්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳවද වෙනත් අයට වඩා සලකිලිමත්විමද වැදගත් බව ඔහුගේ අදහසයි.

තමන්කුඩා කාලයේදී මෑණියන් විසින් නිතර දෙවේලේ කියාදුන් පැරණි කතාවක් සිහිපත්කරන කිරන් ඒ මගින් ගුවන් නියමුවෙකු වීම සඳහා ඔහු තුළ තිබු ආශාව වැඩි වුබවදකියයි. ඉන්දියා මහා කාව්‍යයක් වන රාමායනයේ ඇති ශ්‍රී ලංකාවේ රාවණා රජුසතුව තිබූ අහසින් ගමන්කළ හැකි යානාවක් පිළිබඳව තම මෑණියන් කියාදුන්ඒ සුන්දර කතාව ඔහුට තවමත් මතකය. එදා මේ සුන්දර දිවයින පාලනය කල රාවනා රජුමෙන් අද නවීන ජෙට් ගුවන් යානාවක නැගී ශ්‍රී ලංකා ගුවන්තලය සිසාරාපියාසර කිරීමට ලැබීම තම හදවතේ සැඟවී තිබු ඒ සිහිනය තවදුරටත් සිහිනයක් පමණක් නොවන බවට පත්වී ඇති සුන්දර යතාර්ථයක් බව කිරන් මැදිවක කියන්නේ නිරහංකාර නිහතමානී ආඩම්බරයකිනි.