බ්‍රිතාන්‍යයේ කොල්චෙස්ටර් හයිවුඩ්ස්හි ලොරේන් ස්මිත් (26) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ගල්කිස්සේ හෝටලයක නතරවී සිටිය දී ආගිය අතක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සාප්පු යන බව පවසා අඟහරුවාදා උදේ 6.30ට පමණ හෝටලයෙන් පිටවී ගිය ඇය සොයා විමර්ශන ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.
ඇගේ මුදල් සහ ගමන් බලපත්‍රය හෝටලයේ ඇති බව ද පොලිසිය පවසයි. ඇය ගැන තොරතුරක් ඇතොත් පවුලේ අයට 07800849826 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
ඇගේ අතුරුදන්වීම ලන්ඩන් පුවත්පත්වල ද පළවී ඇත.

