බ්‍රිතාන්‍ය උප ඇමැති යාපනේ


බ්‍රිතාන්‍ය විදේශ උප ඇමැති හියුගෝ ස්වයර්  යාපනයේ ගියේය.

ඔහු උතුරු පළාත් මහ ඇමැති සී වී  විග්නේෂ්වරන්  මහතා හමු වු බව  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ඔහු සිය යාපන සංචාරය ගැන  කීවේ  උතුරු පළාත් මහ ඇමැති සමඟ සංහිදියාව හා වගවීම් හමුදාවේ කාර්ය භාරය හා දේශපාලනික විසඳුමක් සඳහා වන මතු බලාපොරොත්තු  වලට එක්සත් රාජධානියට සහාය විය හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බවය.