බ්‍රිගේඩ්යර්ගෙත් තනතුරු පටි ගලවයි


ගම්පහ රතුපස්වල කම්හලකින්  ළිං ජලය  අපිරිසිදු වෙතියි කියමින්  වැලිවේරිය නගරයේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා  පැවති උද්ඝෝෂණයේදී  හමුදා වෙඩි පහරින් දෙදෙනකුද පොලු පහරින්  තවත් අයකුද මරණයට පත්වී ගැමියන්  37 දෙනකු තුවාල ලැබු සිද්ධිය මත යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය  ගුණවර්ධන 142 වැනි බළසේනාධිපති පදවියෙන් ද  හා ලුතිනන් කර්නල්වරුන්  තිදෙනකු අණදෙන හා කලාප අණදෙන නිලධාරී තනතුරුවලින්ද  වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක තීරණය කරයි.

මෙම නිලධාරීන් අතින් වරඳක් සිදුවී ඇති බවට මුලික පරික්ෂණ උසාවියේදී තහවුරුවීම නිසා  මෙම පියවර ගෙන ඇතැයි හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර්  රුවන් වනිගසුරිය  කියයි.

ඔවුනට එරෙහිව යුද අධිකරණය හමුවේ නඩු විභාග කිරීමට ප්‍රමාණවත් සාක්කි  තිබේද යන්න සොයා බැලීම සඳහා  විශේෂ විමර්ශනයක්  ආරම්භ කරන ලෙසද යුද හමුදාපතිවරයා නියෝග කැර ඇත.

 එම විමර්ශනයෙන් අනතුරුව  මොවුන්  යුද්ධාධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.