බ්‍රැඩ්පිට්ගේ බේබදුකම පරීක්ෂාවට


2016-12-28-ent-97

ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට්ගේ වෘත්තීය දිවිය සහ පෞද්ගලික ජීවිතය ආර්ථික මට්ටමින් කොතරම්දුරට සාර්ථක වුවත්, මේ වන විට දෙදෙනා වෙන්වී සිටින බැවින් ඔවුන් දෙදෙනාගේ ජීවිත පිළිබඳව බොහෝ මත පළවෙනු ලැබේ. පසුගියදා උසාවියෙන් නියෝග කෙරුණේ බ්‍රැඩ් සහ ඇන්ජලිනාගේ දරුවන්ගේ භාරකාරත්වය දෙදෙනාටම පැවරිය යුතු බවයි.

ඒ අනුව දරුවන් සයදෙනා ඇන්ජලිනාගේ රැකවරණය යටතේ සිටින්නටත්, බ්‍රැඩ්හට ඔවුන්ව මුණගැසීමටත් ඉඩ ලැබුණා. මෙම නියෝගයෙන් පසුව ඇන්ජලිනා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මාසයකට 4කට වතාවක් බ්‍රැඩ්ගේ බීමත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කරන ලෙසයි. ඇන්ජලිනාගේ මෙම ඉල්ලීමට හේතුව වූයේ බ්‍රැඩ්ගෙන් දරුවන් හට යම් හිරිහැරයක් සිදු නොවන තැනට විශ්වාසය තබා ගැනීමටයි. කෙසේවෙතත් බ්‍රැඩ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ ඇන්ජලිනා මෙවැනි ඉල්ලීමක් කර ඇත්තේ බ්‍රැඩ්ගේ කීර්ති නාමය විනාශකර දැමීමේ අරමුණින් යුතුව බවයි.

 

2016-12-28-ent-98
2016-12-28-ent-99