බ්‍රැඩ්ගේ රුව රිහානා ළඟ


2016-11-24-ent-95

සුපිරි ගායිකා රිහානාගේ යහන සමීපයෙහි හොලිවුඩ් පුරයේ සුපිරි නළුවකුගේ ජීවමාන ප්‍රමාණයේ පින්තූරයක් ඇතැයි සඳහන් වෙයි. ඒ කවුරුන්ද යන්න බොහෝදෙනා අවධානයෙන් සිටි බවද ආරංචි වේ. ඒ ආරංචිය සත්‍ය බව සඳහන් කරමින් පවසන්නේ රිහානාගේ යහන ළග ඇත්තේ සුපිරි නළු බ්‍රැඩ් පිට්ගේ ඡායාරූපයක් බවයි. විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇන්ජලීනා ජොලීගෙන් වෙන්වූ බ්‍රැඩ් පිට් වෙත සෙනෙහස පුදන්නට රිහානා වෑයම් කරන බවයි. තමන්ගේ යහන ළඟ තිබෙන බ්‍රැඩ්ගේ ඡායාරූපය තම යෙහෙළියන්ට පෙන්වන රිහානා, %‘මේ තමයි, මගේ අනාගත සැමියා’ යැයි පවසා ඇති බවද සඳහන් වෙයි.

රිහානා පෙමින් වෙළී සිටියේ ඩ්‍රේක් සමගයි. ඔවුන් දෙදෙනාගෙ පෙම් කතාව විටින් විට නැවතී යළිත් පණගැන්වී තිබිණ. නමුත් මීට සති කිහිපයකට පෙර යළි එක් නොවන ලෙසින් දෙදෙනාගේ වෙන්වීම ස්ථිර විය. බොහෝදෙනා පවසන්නේ රිහානා ඩ්‍රේක් ඇසුරු කළ කාලයේදීත් බ්‍රැඩ් පිළිබඳව කැමැත්තෙන් සිටි බවයි. මේ පිළිබඳව ඇන්ජලීනා දැන සිටි බවද සඳහන් වන අතර, ඇතැම් අවස්ථාවලදී ඇය රිහානාට තම සැමියාගෙන් ඉවත් සිටීමට අවවාද කළ බවද සඳහන් වෙයි.

 

2016-11-24-ent-96