මෙරට පුරවැසි මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දායකත්වය සැපයු බ්ලොග් කරුවන්ට උපහාර පිදීමේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල අමාත්‍ය කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය සංවිධානය කළ මේ උත්සවයේදී වසරේ හොඳම බ්ලොග්කරු ලෙස ප්‍රියන්ත හේවගේ ද, වසරේ හොඳම බ්ලොග් රචනය සඳහා ප්‍රථම ස්ථානය සඳුන් දසනායක ද, වසරේ හොඳම බ්ලොග් කවියා ලෙස දමිත් ගුණවර්ධන ද සම්මානයට පාත්‍ර වූහ. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට එක් විය.




