බ්ලොගර්වරු පා පැදියෙන් රජ රට සිරි නරඹති


දිවයිනට පැමිණ සිටින  ලොව විශිෂ්ටතම බ්ලොග්කරුවෝ අද පා පැදිවල නැගී පොලොන්නරුවේ  ඓතිහාසික සිද්ධස්ථාන රැසක්  නැරඹීමට ගියහ.

පොලොන්නරුවේ  රාජ සභා මණ්ඩපය,  දළදා මාළිගාව ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූ ඔවුහු  ඒවා ඡායාරූපගත කර ගත්තේ මහත් උනන්දුවෙනි.

ලබන 18 වෙනිදා කොළඹ සිනමන් ලේක් හිදී පැවැත්වීමට නියමිත  ආසියාවේ පළමු  සංචාරක බ්ලොග්කරුවන්ගේ සමළුවට සහභාගී වීම සඳහා ලොව විවිධ රටවලින් බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙරටට ආහ.

වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය සමග  එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සිනමන් හොටෙල්  ඇන්ඩ් රෙසෝට්  විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය ලොවට ගෙන යාම මෙහි අරමුණ වේ.  

 1 2 3 4 5 6 7 DSCF1852 DSCF1853 DSCF1855 DSCF1872 DSCF1877 DSCF1881