බ්ලොගර්වරු කුළු බඩු රස බලති


දිවයිනට පැමිණ  සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද  මාතලේ  කවුඩුපැලැල්ලේ පිහිටි රන්වැලි කුළු බඩු සහ ආයුර්වේද ඖෂධ පැලෑටි උද්‍යානයට ගොස්  දේශීය  ආයුර්වේද ශාක සහ කුළු බඩු වර්ග පිළිබ‍ඳව අධ්‍යයනය කළහ.

දේශීය ආයුර්වේද ඖෂධ සහ කුළු බඩු  සකස් කිරීම මහත් උනන්දුවකින් අධ්‍යයනය කළ ඔවුනට  එහිදී ප්‍රායෝගිකව එම ඖෂධ අත් හදා බැලීමේ  අවස්ථාවද උදා විය.

ආසියානු රටක පැවැත්වෙන පලමු බ්ලොග්කරුවන්ගේ සමළුවට මෙරටට පැමිණි  මොවුහු සමළුවට පෙර  මෙරට වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට බලාපොරොත්තු වෙති.

සමුළුව ලබන 18 වෙනිදා සිනමන් ලේක් හි දී පැවැත්වේ.

ඔවුන් හෙට ගාලු කොටුව නැරඹීමට යාමට නියමිත අතර අනතුරුව සිනමන් එයාර් කුඩා ගුවන් යානයකින් මෙරට සිරි නැරඹීමට නියමිතය.

ඇමරිකාව, ඕස්ට්‍රෙිලියාව, බ්‍රසීලය ඇතුළු යුරෝපීය මෙන්ම ආසියාතික රටවල් රැසක බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සමුළුව සඳහා මෙරටට පැමිණ ඇත.

සංචාරක බ්ලොග්කරුවන් ලෙසින් හැදින්වෙන මොවුන්ගෙන් බහුතරයක් අඩුම තරමේ රටවල් 50 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර  විවිධ අත් දැකීම් ඇති ප්‍රවීනයෝ වෙති.

එමෙන්ම රටවල් රැසක පාඨක පිරිසක් ග්‍රහණය කර ගෙන ඇති මෙම පිරිස සමග ජාලගතවීමට  ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් අවස්ථාව උදා වන අතර නව තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ  දැනුමක් ලබා ගැනීමටද හැකි වෙයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් සුබදායී පණිවිඩයක්ද මෙම බ්ලොග්කරුවන් හරහා  ලොවට  රැගෙන යාම මෙම සමුළුවේ අරමුණයි.

සිනමන්  හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය සංචාරක බ්ලොග්කරුවන්ගේ සංගමය එක්ව මෙම සමුලුව සංවිධානය කර ඇත.

 1 3 4 5 6 7 8 9 10  DSCF1905  DSCF1918 DSCF1923 DSCF1928 DSCF1941  DSCF1949  DSCF1951 DSCF1957 DSCF1958  DSCF1960 

 

.