බ්ලෙයාර් - සම්බන්ධන් හමුවක්


බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වූ බව දැනගන්නට ඇත.  

මේ දිනවල මෙරට සංචාරයක නිරත වන ටෝනි බ්ලෙයාර් සහ විපක්ෂ නායක දෙමළ ජනතා ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ගැටළුව සම්බන්ධයෙන් සුදුසු පිළිගත හැකි සහ ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් අවශ්‍ය බව විපක්ෂ නායක එහිදී අවධාරණය කැර ඇත.