බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හෙට වහයි


(මහින්ද නිශ්ශංක)

ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියාවක් කිරීම සඳහා හෙට (01) මහාමාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය හෙට උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ  වසා තැබෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන කාලය තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.