බහරේන් කතානායක ලංකාවේ


බහරේන් රජයේ කතානායක කලීෆා බින් අහමඞ් අල් දහරනී මහතා ඇතුලූ පාර්ලිමේන්තු දූත පිරිසක්  සිව් දින නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට පැමිණියහ.

මේ අතර බහරේන්හි  මහජන සහ පාරිසරික පහසුකම් ප‍්‍රධානී හුසේන් ෂලීම් මහතා ද වෙයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් මෙරටට පැමිණි  බහරේන් කතානායකවරයා ඇතුළු දූත පිරිස උනුසුම් අන්දමින් පිළිගත්තේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සංචාරවේ අරමුණ වේ. මොවුහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් හමුවීමට නියමිතය.

කණ්ඩලම, සීගිරිය, මහනුවර සහ පින්නවල යන ප‍්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතය.