බහරේනයටත් තානාපතිවරයෙක්


බහරේනයේ  නව ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය එරට මනමා නුවරදී  විදේශ  නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල්  පෙරේරා මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත  විය.

මැදපෙර දිග කළාපයේ  පිහිට වු  මෙම  නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා  ශ්‍රී ලංකා හා බහරේන්  තානාපති සබඳතා  තරකර ගැනීමටත්  එරට සේවය කරනා  15,000කට වැඩි ලාංකික ශ්‍රමිකයින්ගේ  කොන්සියුලර් සේවා  කඩිනමින් සැපයීම සිදු කෙරෙනු ඇතැයි  බහරෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ආර්.කේ.එම්.ඒ.රාජකරුණා  මහතා නව තානාපතිවරයාය.තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ  බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ගේ නර්තන වලින් විචිත්‍ර විය.මීට පෙර බහරේනයේ  වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සිදු කෙරුණේ  කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙනි .