බහරේන්හි හැදී වැඩුණු ශ්‍රී ලාංකික නිළියක බහරේනයේ මැනමා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට මූලික වීයැයි බහරේනයේ ඉන්දියා ප්‍රවෘත්ති නාළිකාවක් කියයි.
ශ්‍රී ලංකාවේ උපන් ජැකලින් ෆර්නෑන්ඩස් එම නිළියයි.
ඇය ශ්‍රී ලංකා රජය සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තානාපති කාර්යාලය ළඟදී විවෘත වීමට නියමිතය. මෙතෙක් එහි පැවතියේ කොන්සල් කාර්යාලයයකි. ගල්ෆ් දේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇය තානාපති කාර්යාලයයක් විවෘත කරවා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉහළම බලධරයන් සමග සාකච්ඡා කළ බවත් එම නාළිකාව පවසයි.
ජැකලින් සිය මව්පියන් සමග බහරේනයේ ජීවත්වන්නීය.