(ඩයනා උදයංගනී)
බස් රථ සඳහා ප‍්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීමට ගත් පියවර ඉතා සාර්ථක බැවින් විධිමත් අධ්‍යයනයකින් පසු එය ඉදිරියට ගෙන යන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙය අලූත් අත්දැකීමක් නිසා මුල් දිනවල යම් යම් ගැටලූ ඇතිවුවත් අද වන විට එය ඉතා සාර්ථක අයුරින් ක‍්‍රියාත්මක වන බව ඇමතිවරයා කියයි.
යම් වැඩපිළිවෙලක් ආරම්භ කරන විට විවේචන හා යම් යම් දුෂ්කරතා ඇතිවීම සාමාන්‍ය දෙයක් බව කී අමාත්‍යවරයා කුමන විවේචන ඇතිවුවත් පොදු ප‍්‍රවාහන සේවය ඉදිරියට ගැනීම සඳහා ගත යුතු පියවර ගන්නා බව ද ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ප‍්‍රමුඛතා මංතීරුවේ ප‍්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමතමිනි.

