(පාලිත ආරියවංශ )
මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක සිට වැලිමඩ දක්වා යන අතරතුරදී බදුල්ලේ බස් නැවතුම්පොලේ අතරමං වී සිටි දා හත් හැවිරිදි සාමනේර හිමි නමක් අද (11) උදෑසන පොලිසියට වැඩමවාගෙන ආ බව බදුල්ල පොලිසිය පවසයි.
වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම හිමිනම මෑතකදී දෙමාපියන් විසින් පැවිදි කර ඇති අතර පන්සලේ කිසිවකුටත් නොදන්වා සිය නිවස පිහිටි වැලිමඩ ප්‍රදේශයට යාමට බසයක නැග පැමිණ ඇති අතර මෙලෙස බදුල්ලේදී අතරමං වී බස්නැවතුම්පොලේ රැදී සිට ඇත.
‘ගෙදර මතක්වී පන්සලේ කිසියෙකුටත් නොදන්වා බසයක නැගී තමා පැමිණි බව සාමනේර හිමිනම පැවසු බව බදුල්ල වැඩබලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
හිමිනම මව්පියන්ට බාරදීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

