මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන්නැයි බල කෙරෙන රත්නපුර රැලියට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් 40 දෙනකු සහ බස්නාහිර පළාත් පාළනය ආයතන නියෝජිතයන් 150ක් සමඟ සහභාගී වන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
විදේශගතව සිටින තමා ඊට සහභාගී වීම සඳහා අද (25) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණෙන බවත් මහඇමැතිවරයා පවසයි.
හෘද සාක්ෂියක් ඇති සියලු දෙනාට රත්නපුරට යෑමට එන ලෙස ආරාධනා කරන බවත්, මේ රටේ ජනතාව ඊළඟ මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයේ වීයරන් හා ද්‍රෝහියන් කවුදැයි ලෝකයටම පෙන්වනු ඇති බවත් රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
‘ඇතැමුන් දැන් මා ලදබොලඳ සටහන් මුහුණුපොතේ සටහන් කර ඇති බවට පර විය හැකිය. සමහරුන් (සිය නව ප්‍රකාශක රාජ්‍ය ඇමැති තනතුරු රැක ගැනීම සඳහා) මා කාඩ්බෝඩ් වීරයකු ලෙස ප්‍රකාශ නිකුත් කරනු ඇත. ‘ යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
පොලොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද හිටපු මහ ඇමැති සහ උතුරු මැද ප්‍රවාහන ඇමැති එස් එම් රංජිත් මහතා ඇතුළු 17 දෙනෙකු ද එම රැලියට සහභාගී වීමට නියමිතය.

