බස්නාහිරට ලෝගේෂ්වරන් වයඹට අමරා පියසීලි දකුණට හේමකුමාර


කේ සී ලෝගේෂ්වරන් බස්නාහිර  ආණ්ඩුකාරවරයා ලෙස ද  හේමකුමාර නානයක්කාර දකුණු ආණ්ඩුකාරවරයා ලෙස ද හා අමරා පියසීලී රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය ලෙස ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.

කේ සී ලෝගේෂ්වරන් හිටපු තානාතිවරයෙකි.ඔහු මුදල් අමාත්‍යංශයේ හිටපු  උපදේශකවරයෙකි.බොහෝ අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෙකි.මංගල සමරවීර මහතා තැපැල් හා විදුලි සන්දේශ ඇමැති සමයේ  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද පත් කරනු ලැබීය.ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා වුයේද ලෝගේෂ්වරන් මහතාය.

අමරා පියසීලී රත්නායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාන්තා කටයුතු ඇමැතිවරයෙකි. වාරියපොලින් පාර්මේන්තුවට තේරී පත් වුවාය.ඇගේ සැමියා ඝාතනයට ලක් කිරීමෙන් පසු ඇය දේශපාලනයට පිවිසියාය.

හේමකුමාර නානයක්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා ඇමැතිවරයෙකි .අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේය.මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතාගේ සහෝදරයෙකි.අත්දැකීම් බහුල කෘෂිකාර්මිකයෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ඔහුට කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධියක්ද පිළිගැන්වීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුලින්ම පාර්ලිමේනතුවට පිවිසියේ 2004 දීය. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකි. පසුව එම තනතුරින් ඉවත් වී එජාපයට එක් විය.