බස්නාහිර පළාත් සභාවේ අයවැය නැවත සම්මත කර ගැනීම සඳහා එම සභාව බ්‍රහස්පතින්දා (31) යළි කැඳවා ඇත.
සභාව ජනවාරි 5 වැනිදා රැස්වීමට නියමිතව තිබුණද පළාත් ආණ්ඩුකාරවරයා තමාට හිමි බලතල අනුව මෙම හදිසි කැඳවීම කර ඇත.
පළාත් සභා අයවැය සම්මත වුවත් එහි සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීම නිසා අයවැය සම්මත වූයේද යන්න පිළිබඳ නීතිමය ගැටළුවක් පවතින බැවින් යළි සභාව කැඳවා එය සම්මත කරගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

