බස්නාහිර සබෙනුත් ෆොන්සේකාට ඉඩක්


බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.

මෙම අමාත්‍යධූරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබුණහොත් ඒ වෙනුවෙන් අරුණ දීපාල් මන්ත‍්‍රීවරයාගේ නම යෝජනා වී ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය ශීර්ෂය පරාජයවීම නිසා ඉකුත් දෙසැම්බර් 29 වැනිදා ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම අමාත්‍යංශ පවරා ගත්තේය.