බස්නාහිර විශ්වාසභංගේ භංගවේ


බස්නාහිර පළාත් සභාවේ ධීවර, මාර්ග, ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාට එරෙහිව එහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහත්වරුන් ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව අද ඉල්ලා අස්කරගත්හ.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට දූෂිත සභාපතිවරුන් පත් කර අති බව ඇතුළු චෝදනා කිහිපයක් කරමින් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මෙම විශ්වාස භංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.

ඔවුන් දෙදෙනා ඉවත් කරන බව ඇමැතිවරයා ලිඛිතව සභාවට දැනුම් දී තිබුණු නිසා විශ්වාස භංගය ඉල්ලා අස්කරගන්නා බව සුසිල් කිඳෙල්පිටිය මහතා අද පළාත් සභා රැස්වීමේ දී කීවේය.