බස්නාහිර රග්බි මුල් පුටුවට ඉල්ලියාස් නැවතත් පත්වෙයි


බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති රිෂ්ලි ඉල්ලියාස් මහතා නැවතත් පත්විය. එහිදී ලේකම්වරයා ලෙස හිටපු ලේකම් ප‍්‍රවීණ රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා නැවතත් පත්ව සිටියි.

එම සංගමයේ 2013/2014 වර්ෂය සඳහා නිලවරණය කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව නිලධාරී මණ්ඩලය:
සභාපති - රිෂ්ලි ඉල්ලියාස් මහතා, නියෝජ්‍ය සභාපති - නෂීම් මොහොමඞ් මහතා, උප සභාපතිවරු - එච්. මාසෝ සහ රොෂාන් ඞීන් යන මහත්වරු, ලේකම් - ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා, උප ලේකම් - ලක්‍ෂ්මන් විජේසූරිය මහතා, භාණ්ඩාගාරික - තුසිත පීරිස් මහතා, උප භාණ්ඩාගාරික - ශම්රත් ප‍්‍රනාන්දු මහතා, හිටපු සභාපතිවරු - විමල් සේනානායක සහ ෆාෂිල් මොහොමඞ් යන මහත්වරු