බස්නාහිර පාසල් 21ක පන්ති වැඩි කළ හැටි සොයයි


බස්නාහිර පළාතේ පාසල් 21 ක පළමු ශ්‍රේණිය සඳහා සමාන්තර පන්තියක් බැගින් වැඩි කිරීම සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. පසුගිය වසරේ සිට අදාළ පන්තිය වැඩි කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු එම පන්ති වැඩි කිරීමට අකමැති වී ඇති නමුත් වෙනත් අධ්‍යක්ෂවරයකු යටතේ පන්ති ආරම්භ කර ඇතැයි ද කියැවේ. පාසල් 21හි පන්ති වැඩි කිරීම ගැන තොරතුරු ලබා දෙන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වන විට විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

 එම පන්තිය ආරම්භ කළ ආකාරය, ඒ සඳහා ළමයින් තොරා ගත් ආකාරය සහ ළමයින් ඇතුළත් කළ ආකාරය ගැන ද මෙම විමර්ශනයේදී අවධානය යොමු කෙරේ.