බස්නාහිර පළාත් සභාව නාගරික සංවර්ධන අධිකාරියේ චක‍්‍රලේඛය ප‍්‍රතික්ෂේප කරයි


නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත 1985 සිට පවරා තිබූ බලතලවලින් වැඩි කොටසක් පෙබරවාරි 01 නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සඳහා නිකුත් කර ඇති චක‍්‍රලේඛය බස්නාහිර පළාත් සභාව අද (07) ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී මංජුල බුද්ධදාස මහතා විසින් බස්නාහිර පළාත් සභා රැස්වීමේදී චක්‍රලේඛය ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කළේය.

පළාත් පාලන ආයතනවල බලතල යළි පවරා ගෙන දිස්ත‍්‍රික්කයටම එක් ස්ථානයක් පමණක් ස්ථාපිත කිරීම තුළින් ජනතාව පීඩාවට පත් වෙන බවත් මින් පළාත් පාලන ආයතනවලට ලැබුණ ආදායම් අහිමි වීම නිසා එමගින් ජනතාවට සැලසු සේවාවන් අඩපණවන බවද බුද්ධදාස මහතා පෙන්වා දුන්නේය.