බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පසුගියදා පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට විරෝධය පා එහි ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ප‍්‍රධාන ඇමති මණ්ඩලය සහ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරු කළු පටි බැඳගෙන පළාත් සභා රැස්වීමට සහභාගී වූහ.
බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ශාලාවේ දී රැස්විය.
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එයට පැමිණියේ අත්වල කළුපටි පැළඳගෙනය.
මෙහිදී ප‍්‍රකාශයක් කරමින් ජගත් කුමාර මන්ත‍්‍රීවරයා පැවසුවේ පසුගිය සතියේ කිසියම් පිරිසක් විසින් තම නිවසට පහරදී අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්‍ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කී මන්ත‍්‍රීවරයා ඒ ගැන කණගාටු වන බව ද ප‍්‍රකාශ කළේය.





