බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
කළුබෝවිල ලකී කී‍්‍රඩා සමාජයේ ස්වර්ණ ජයන්ති බක්මහ සැණකෙළිය වෙනුවෙන් ඊට සමගාමීව පැවැත්වෙන මෙම වොලිබොල් තරගාවලිය පිරිමි, කාන්තා සහ අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි ලෙස කාණ්ඩ 3 කින් සමන්විතය.
මෙහි ප‍්‍රධානතම කාණ්ඩය වන පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 50,000 ක්ද සහ අනුශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 40,000 ක් ද පිරිනැමේ.
කාන්තා ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 25,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද, අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 30,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී. ඊට අමතරව සෑම ශූරතාවක් සඳහාම කුසලානයක් බැගින්ද පිරිනැමේ.
මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන කී‍්‍රඩා සමාජ, සිය අයැදුම්ත්, ප‍්‍රධාන සංවිධායක පියදාස ජයසිංහ, නො. 227, රෝහල පාර, කළුබෝවිල යන ලිපිනයට යොමුකළ යුතුය. නැතහොත් 071-9990157 හෝ 011-2732535 යන දුරකථන අංක වලට ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩිදුර විස්තර දැනගත හැක.