බස්නාහිර පළාත් ඇමැති මාධ්‍යයට අනතුරු අඟවයි


මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා කොට්ඨාව ධර්මපාල විදුහලේ උත්සවයකදී ප්‍රකාශ කළේය.

මෙම පාසලේ ප්‍රාථමිකය පිහිටුවීමට සුළු පරිසක් විරුද්ධයි. ඔවුනට පක්ෂව ලියන මාධ්‍යවේදීන් සත්‍ය වසන් කළා. මාධ්‍යවලට අපි කියන්නේ හරියට වාර්තා කරන්න. නැත්නම් ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ එයාලටත් වෙයි.