බස්නාහිර අය වැය සම්මතයි


සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය හැර බස්නාහිර පළාත් සභාවේ අය වැය වැඩි ඡන්ද 89කින් සම්මත විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනා අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.