බස්නාහිර - මධ්‍යම අවසන් තරගයට එති


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට  ඕෂදී රණසිංහ මෙහෙයවන බස්නාහිර පළාත් පිල සහ ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවන මධ්‍යම පළාත් පිල සුදුසුකම් ලැබූහ.
අවසන් මහ තරගය අනිද්දා (02) කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් පිල විසින් ලකුණු 12 කින් චමරි අතපත්තු මෙහෙයවූ උතුරු මැද පළාත් පිල ද, දෙවැනි අවසන් පූර්ව තරගයේදී මධ්‍යම පළාත් පිල විසින් ඒෂානි ලොකුසූරිය මෙහෙයවූ දකුණු පළාත් පිල කඩුලූ 5 කින්ද, පරාජය කරන ලදී.  

  • මධ්‍යම - දකුණ තරගය

දකුණු පළාත් පිල  ඕවර 19.1 කදී 74 (දුමිලා දේදුණු 16, සුරංගිකා කුමාරි 13/4, චමරි පොල්ගම්පොළ 16/2)
මධ්‍යම පළාත් පිල  ඕවර 15.1 කදී කඩුලූ 5 ට 77 (ඉරෝෂි ප‍්‍රනාන්දු 22, ශ්‍රීපාලි වීරක්කොඩි 18)

  • බස්නාහිර - උතුරු මැද තරගය

බස්නාහිර පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 114 (දේදුණු සිල්වා 13,  ඕෂදී රණසිංහ 29, සඳමාලි දොළවත්ත නොදැවී 34, ශෂිකලා සිරිවර්ධන 23)
උතුරු මැද පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 102 (චමරි අතපත්තු 15, චමනි සෙනෙවිරත්න 38, චාමිකා බණ්ඩාර 13, ෂෙරීනා රවිකුමාර් 15/4, ශෂිකලා සිරිවර්ධන 26/2)