ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ පණ්ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්ගමුවේ ගුණරතන යන හිමිවරුන්ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළැයි සැකපිට ගොඩිගමුවේ බස්නායක නිළමේ පී. හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති පෙරේරා (20), තණමල්විල බෝදාගම එන්.ඒ. සුරේෂ් ජානක (26) (උපැවිදිවූ අයෙකි) යන දෙදෙනා සිකුරාදා වනතුරු මිරිහාන පොලිසියේ රැඳවුම් බාරයේ තබාගැනීමට ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා අවසර දුන්නේය.
ඔවුන් දෙදෙනා හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියම විය
ඡායාරූප සෝ විජේවර්ධන