අද (11) පැවැති පෞද්ගලික බස් වර්ජනයට හවුල් නොවු බස් සේවකයිනට තර්ජනය කළැයි කියන බස් හිමියකු වන නිශාන්ත දිලීප් රත්නවීර ඔහුගේ රියැදුරු කමල් චමින්ද ආරියසිංහ හා බස් රියදුරකු වන ඒ.ඊ.ජී චන්ද්‍රසිරි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම තිදෙනා ගමන් කළ ජීප්රිය අනතුරකට ලක් වී ඒ බව පැමිණිලි කිරීමට පොලීසියට ගොස් සිටියහ.ඔවුන් එහි සිටියදීම ඔවුන්ගේ තර්ජනයට ලක් වු බව කියන බස් සේවකයෝද පොලීසියට ආහ.තමන්ට තර්ජනය කළ පිරිස වශයෙන් එහීදි එම තිදෙනා හදුනා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.