බස් සේවකයෝ උද්ඝෝෂණයේ


පෞද්ගලික බස් හා ලංගම බස් ඒකාබද්ධ කර කාල සටහනක් සකස් කරන්නැයි ඉල්ලමින් බස් සේවකයෝ පිරිසක් වේයන්ගොඩ ගුවන්තොටුපොළ බස් මාර්ගයේ නයිවල හන්දිය අසලින් හරස් කර උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.