බස් සේවක ලක්ෂ බාගයක් අයිතිකරුට දෙයි


කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කළ  සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන්  ගත් තරුණයින් දෙදෙනකුගේ  රුපියල් පනස්දහසක් සහිත මුදල් පසුම්බියක්  අමතක විය.

බස් රථයේ  කොන්දොස්තර  තුෂාර කැළුම් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී  එය අයිතිකරුට බාර දුන්නේය.

රත්නපුර කිරිඇල්ලේ   සමන්තිලක චන්ද්‍රසිරි  තම පෙම්වතිය සමඟ කුරුණෑගල සිට  කොළඹට පැමිණ ඇත්තේ  අලුත් මොටර් සයිකලයක්  ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සදහා ගෙන ගිය මුදලින්  කොටසක්  මෙසේ පසුම්බයේ  දමාගෙන ඇත.

තම මුදල් පසුම්බිය  බසයේ දමා ගොස් ඇතැයි ඔහුට සිහි වී ඇත්තේ  පිටකොටුව බස් නැවතුමෙන් බැස  පැයකටත් වඩා කාළයකින් පසුවයි. ඒ වන විටත්  රාත්‍රී 10 ත් පසු වී  තිබුණත් ඔහු වහාම මේ සිද්ධිය  බැස්ටියන් මාවත බස් නැවතුම් කාර්යාලයයේ  නිලධාරී ජගත්  නිශාන්ත මහතාට දැනුම් දුන්නේය.

ඒ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයයේ  උපදෙස් ගෙන  එම බස් රථයේ හිමිකරු වන ජීවා කස්තුරිරත්න මහතා මගින් කොස්දොස්තොර මහතා සම්බන්ධකරගෙන මෙම මුදපල් පසුම්බිය සොයා ගත්තේය.

පිටකොටුව බස් නැවතුම්පොළෙහි  කළමණාකරු  රෝහණ වත්තේ ගේ මහතාගේ අධික්ෂණය යටතේ  එම බස් රථයේ කොස්දොස්තර කැළුම්ගෙන් චන්ද්‍රසේන  සිය මුදල්  පසුම්බිය ලබා ගත්තේය.