පෞද්ගලික බස් හිමියන් මසකට රුපියල් කෝටි 17 කප්පම්කරුවන්ට ගෙවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මරදාන ඩීන්ස් පාරේ සිඑස්ආර් ශාලාවේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
දරදිය ඇද යහපාලන ආණ්ඩුවක් බිහි කළ ද තම ප්‍රශ්න වලට එයින් විසඳුමක් ලැබී නැති බව කී විජේරත්න මහතා යහපාලන ආණ්ඩුව දැන් මහින්දගේ ඡායා ආණ්ඩුවක් බවට පරිවර්තනය වී ඇතැයි කීවේය.



