බස් වර්ජනයේදී පහර කෑ අයට වන්දි


දිවයින පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අතරතුරදී පහරකෑමට ලක්වු මගීන් සහ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු කැරිණි.

වන්දි ලැබු පිරිස අතර මගීන් සිව්දෙනකු, බස් රථ රියදුරන් 18 දෙනකු සහ කොන්දොස්තරවරයකු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.