බස් වර්ජනයක්
(දිනේෂ් උපේන්ද්‍ර කුලියාපිටියේ සිට)- කුලියාපිටිය කොළඹ හා කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 මාර්ගයේ පුද්ගලික බස්රථ ධාවනය සහමුලින්ම නවතා දැමීමට බස් රථ සේවකයෝ සහ හිමිකරුවන් තීරණය කළහ. ඊට හේතුව වන්නේ මීට දින කිහිපයකට ඉහතින් එම මාර්ගයේ බස් රථයක හැපී මියගිය කාන්තාවකගේ අවමංගල්‍ය හමාරකොට පැමිණි තරුණයින් පිරිසක් 92 මාර්ගයේ බස්රථ රියදුරකුට පහර දීමකි. පහර කෑ රියදුරා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බස් රථ වර්ජනය කරන බව බස් රථ සේවකයින් පවසති. එසේ කිරීමට පොලිසිය අපොහොසත් වුවහොත් අනෙකුත් මාර්ගවල බස්රථ ද වර්ජනයට එකතු වන බව ඔවුහු කියති.
කුලියාපිටිය පොලිසිය බස් හිමියන් හා සේවකයන් කැඳවා පැවසුවේ මහජනයාට හිරිහැර නොවන පරිදි ක්‍රියා කරන ලෙසයි.

