වැඩ වර්ජනය කළ බස් සංගම් සිකුරාදා රාත්‍රී වර්ජනය අවසන් කළ බවත් අද උදේ 7.30ට මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සාකච්ඡා කරන බවත් ජනාධිති කාර්යාල ආරංචි කියයි. වර්ජනය අවසන්කරතොත් සාකච්ඡා කිරීමට ජනපති සූදානම් බව බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා වර්ජක සමිතිවලට ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුහු වර්ජනය අවසන් කළහ. බරපතල මාර්ග නීති කඩවීම් හතකට රුපියල් 25,000.00ක දඩ ගැසීමට එරෙහිව වර්ජනය ඇරඹූ බස් සංගම් කියා සිටියේ පෙර පැවති රුපියල් 550.00 දඩය මෙලෙස වැඩි කිරීම අසාධාරණ බවයි.