බස් වර්ජනය අද 9.30 ට අවසන් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. තම සංගමයේ ප්‍රාදේශීය නිලධාරීන් පසු පස පොලීසිය හඹා යන බවට ලැබුණු තොරතුරක් මත මෙලස වර්ජනය අතහැර දැමීමට සිදුවූ බව ද ඔහු කීවේය. ඔහු එසේ කීවත් මාතර, රත්නපුර, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රධාන නගර රැසකින්ම වරජනයට සහයක් නොලැබිණි. කොළඹ නගරයේ ද පෞද්ගලික බස් විශාල ප්‍රමාණයක් ධාවනය වූ බැවින් වර්ජනයක් පෙනෙන්නට තිබුණේ නැත.