(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ 32 ක් හා ලොරියේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව මූතූර් පොලිසිය කියයි .
මෙම වන්දනා නඩය රැගත් බස් රථය වේයන්ගොඩ සිට ත්‍රිකුණාමලයට පැමිණ සේරැනුවර බලා යන ගමනේදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පනස් දෙකක් ගමන් කර ඇති අතර තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු වන බවද පොලිසිය කියයි .
බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ලොරිය පැමිණ ඇති අතර මෙම අනතුර සිදුවන අවස්ථාවේ අධික වැසි සහිත කාලගුණයක් පැවතුණි .ලොරි රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මූතුර් රෝහල් ප්‍රතිකාර ලබන අයගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා ඇත මූතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි