බස් රථවල අසුන්වලට අමතරව මගීන් රැගෙන යන්නන්ට නීතිමය පියවර


 

(නිමල කොඩිතුවක්කු)
 

මගී අසුන් වලට අමතරව මගීන් රැගෙන යන බස්රථ සේවකයන් වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
 
කොවීඞ් ප්‍රවාහන ප්‍රතිපත්තිය යටතේ මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනයක් සිදු කර තිබියදීත් ඇතැම්  මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
 
කිසිදු හේතුවක් මත මගී ආසන වලට අමතරව මගීන් රැගෙන යාමට බස් රථ වලට අවසර නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.