වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.