බස් නැවතුම්පොළ විවෘත කිරීම ටීඑන්ඒ මන්ත්‍රීවරු වර්ජනය කරති


ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වව්නියාව නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවය සදහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් තිදෙනෙකු හැර සෙසු නියෝජිතයින් සියලු දෙනාම සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බව එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල්නාදන් මයුරන් මහතා   පැවසීය.

අද පැවැති කටයුත්තට උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා සම්බන්ධ කර නොගැනීමත්, පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට   මෙම උත්සවය සදහා නිල ඇරයුමක් නොකිරීමත් මත මෙම උත්සවය සදහා සහභාගී නොවීමට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් තීරණය කළ බව ද හෙතෙම කීවේය.

උතුරු මහ ඇමතිවරයා විදේශගතවී සිටින බැවින් ඔහුගේ පැමිණීමෙන් පසු මෙම බස්නැවතුම්පල නැවත විවෘත කිරීමක් සිදුකරන බවද හෙතෙම සදහන් කළේය.

කෙසේ වෙතත් වව්නියාව නව පෞද්ගලික බස්නැවතුම්පල ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුඩීන්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(16)පෙරවරුවේ විවෘත කෙරිණි.

(2) (3) (6) (8) (9) (12)