පොල්පිතිගම සිට අනුරාධපුර දක්වා යමින් සිටි පාසල් දරුවන් ඇතුළු පිරිසක් රැගත් බස්රථ දෙකක් එප්පාවල කටියාවේ දී පාරෙන් ඉවතට පැන ගස් දෙකකට හැපීමෙන් පාසල් දරුවන් සිව් දෙනෙක් ඇතුළු 14 දෙනෙක් තුවාල ලදහ. ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. මෙම පිරිස පොල්පිතිගම ඇතුළු එම ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන් පිරිසකි.